බරපතල වැඩ සහිතව වසර 3 ක සිරදඬුවම් නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහැර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව සඳහන්.

2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළදසැලක සේවය කළ තරුණයෙකු කලු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරගත කර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකාරියක් ලෙසයි ඇයට සිරදඩුවම් විඳීමට නියම වුණේ.

WhatsApp Group

Skip to content