සිර දඬුවම් නියම වී තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කළ අභියාචනයට නීතිපතිවරයා විරෝධය පළ කර තිබෙනවා.

අදාළ අභියාචන පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදි නීතිපතිවරයා ඊට විරෝධය පළ කරන බව අධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා අදාළ පෙත්සම යළි ලබන 11 වන දා කැඳවීමට නියෝග කළා.

WhatsApp Group

Skip to content