අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සියෙරා නෙවාඩා කලාපයට දැවැන්ත හිම කුණාටුවක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා.

මේ හේතුවෙන් යොසෙමිටේ ජාතික වනෝද්‍යානය සහටාහෝ විල අවට ඇති හිම ක්‍රීඩා මධ්‍යස්ථාන වසා දැමීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.

එම ප්‍රදේශවලට අඩි 10 දක්වා උසට හිමපතනයක් ඇතිවීමේ අවදානමක් හේතුවෙන් අධිවේගී මාර්ගයක් ඇතුළු මාර්ග වසා දමා තිබෙනවා.

එමෙන්ම නෙවාඩා කඳුකරයේ සුළං වේගය පැයට කිලෝමීටර 225 දක්වා ඉහළ යා හැකි බවටයි බලධාරින් අනතුරු අඟවන්නේ.

WhatsApp Group

Skip to content