හිමාලය අඩවියේ කුමන අවස්ථවක හෝ අතිශයින් බරපතළ භූචලනයක් සිදුවන බව හිමාල භූචලන නිරීක්ෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ අජේ පෝල් අනතුරු අඟවා තිබෙනවා .

ඉන්දීය භූචලන තලය හිමාල අඩවිය අභ්‍යන්තරයේ ඇති බවයි ඔහු සදහන් කලේ.

එය යුරෝ ඒෂියන් භූතලය සමග ගැටෙන බව ද හිමාල භූචලන නිරීක්ෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ අජේ පෝල් සදහන් කර තිබෙනවා .

මෙම විනාශකාරී භූචලනය සිදුවන්නේ හිමාලයේ ගෞතම් කවුනන් කලාපයේ බව ද ඔහු පැවසුවා.

2021 පෙබරවාරි 7 දා මෙම කලාපයේ හිම සහ ගල් මාරුතයක් සිදුවීම භූචලනයේ පූර්ව සිදුවීම බවත් ඉන් 206 කට අධික පිරිසක් මියගිය බවත් ඔහු අනාවරණය කර තිබෙනවා .

හිමාල අඩවියේ ඇති ඉන්දීය භුතලය වසරකට මිලි මීටර 47 බැගින් ඈත් වන බව ද සදහන් .

මේ අතර මෙම අනතුරු ඇඟවීම කඳු නගින්නන් වෙතද දන්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content