ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතාව එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

එම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ලේකම්වරයා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදීයි ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දෙනු ලැබුවා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තැබීමටද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එම කාර්යාලයේ ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පරීක්ෂා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content