සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඇතුළු අමාත්‍යාංශ ප්‍රධානීන් 9 දෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ව්‍යාජ ලේඛන සකස් කර මිලියන 130ක වටිනාකමකින් යුත් ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ වංචාවන්ට සම්බන්ධ බවට සැකකරමින්.

එලෙස මානව ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රාජ්‍ය රෝහල් වෙත බෙදාහැරීමේ වංචාවට මේ පුද්ගලයන් සම්බන්ධ බවත්, ඔවුන් අධිකරණය මගහැර විදේශ ගතවීමට හැකි බවත් සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ කරුණු පැහැදිලි කර තිබෙනවා.

එකී ඉල්ලීම සලකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්, තාක්ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රධානී, වෛද්‍ය සැපයීම් ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සැපයීම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඇතුළු උසස් නිලධාරීන් 9 දෙනෙකුට මෙම තහනම් නියෝගය පනවා තිබේනවා.

එමෙන්ම මේ සමබන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පලවුනා.

https://www.vnews.lk/storage/2023/11/MIX-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content