හිටපු සෞඛ්‍ය ඇමතිවරු 7 දෙනෙකුගේ වත්කම් බැරකම් පිළිබඳව විගණනයක් කොට ඒ සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගන්නා ලෙස අල්ලස සහ නාස්තියට එරෙහි ජාතික ව්‍යාපාරය සිවිල් සංවිධාන ඉල්ලීමක් කර තිබෙනවා.

අල්ලස සහ නාස්තියට එරෙහි ජාතික ව්‍යාපාරය සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් අංශයෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හිටපු සෞඛ්‍ය ඇමතිවරුන් වන ඒ. එච්. එම්. ෆවුසි, නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, මෛත්‍රීපාල සිරිසේන, පවිත්‍රා වන්නිආරච්චි, චන්න ජයසුමන, කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්ම මහත්මීන් උපයාගත් වත්කම් බැරකම් පිළිබඳව පූර්ණ විගණනයක් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

WhatsApp Group

Skip to content