අභාවප්‍රාප්ත වූ හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, රොනී ද මැල්ට අයත් දෙවිනුවර, පිහිටා තිබූ නිවසට ඊයේ (05) රාත්‍රියේදී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් විසින් නිවසේ තිබූ වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් දෙවිනුවර නිවසේ මුරකරු විසින් ගන්දර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, රොනී ද මැල් මහතාගේ පෞද්ගලික ලේකම් විසින් ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත පැමිණිලි සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකර මේ වන විට ගතව ඇත්තේ සතියක කාලයක්.

WhatsApp Group

Skip to content