මුදල් නොමැති බව පවසමින් මැතිවරණය කල්දැමිය නොහැකි බවත් එසේ වුවහොත් ඕනෑම මැතිවරණයක් කල්දැමීමට හැකි බවත් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඒ මහතා සදහන් කරන්නේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අවසන් කර ලබන 28 වනදා වන විට තැපැල් ඡන්දය පැවැත්වුවහොත් 09 වන දාට කිසිදු බාධාවකින් තොරව මැතිවරණය පැවැත්විය හැකි බවයි.

https://www.vnews.lk/storage/2023/02/MAHINDA-EDIT-01.mp3?_=1

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කොමසාරිස්වරයා කියා සිටියේ ඡන්දය පැවැත්වීමට පෙර බිලියන 3ක් වැනි මුදලක් කොමිසමට ලැබුණහොත් කිසිදු බාධාවකින් තොරව මැතිවරණය පැවැත්විය හැකි බවයි.

https://www.vnews.lk/storage/2023/02/MAHINDA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content