හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාසවල ජල, විදුලිය මෙන්ම දුරකථන ගාස්තු සදහා මුදල් වෙන් නොකිරීමට ජනාධිපති කාර්යාලය විසින් තීරණය කර තිබෙනවා.

අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයෙකුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු විසින් පසුගිය මාසයට අදාළ බිල්පත් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබුණා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ මින් ඉදිරියට අදාළ බිල්පත් සදහා ජනාධිපති කාර්යාලයෙන් මුදල් ගෙවීමට කටයුතු නොකරන බවටයි.

 

WhatsApp Group

Skip to content