පාස්කු වන්දි නඩුවට පෙනී සිටීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුඵ වගඋත්තරකරුවන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීම නියමිතව තිබෙනවා.

ඔවුන්ට පසුගිය ජනවාරි 12 වන දා ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරුමඩුල්ලක් විසින් මෙම ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන්ට වන්දි ගෙවන ලෙස නියෝගයක් නිකුත් කිරීමටයි කටයුතු කළේ.

කෙසේ වෙතත් පසුව මෝසමක් ගොනු කරමින් පෙත්සම්කරුවන් කිහිපදෙනෙකු කියා සිටියේ වගඋත්තරකරුවන් විසින් අදාළ වන්දි මුදල් නිසියාකාරව ගෙවා නොමැති බවයි. ඒ අනුව අද එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content