වයස අවුරුදු හතළිහ ඉක්මවා ඇති මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වූ පුද්ගලයන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ජුනි මස 30 දක්වා දිර්ඝ කර තිබෙනවා.

එම හැඳුනුම්පත් නිකුත් කිරීම පසුගිය මාර්තු 31 වන දායින් අවසන් වීමටයි නියමිතව තිබුනේ.
මනුත් ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිව ඇති පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content