හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේ 2021-2022 වර්ෂවල පාසලේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් 560 දෙනෙකුට පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කිරිමේ උත්සවයක් (29) දින හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි පැවැත්විණ.

පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගෙන් විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කරන සිසු සිසුවියන්ට , පහේ ශිෂ්‍යත්ව විභාගය , අපොස සමාන්‍යපෙල සහ උසස්පෙල යන විභාගයන්ගෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන්ට , ජාතික සහ දිස්ත්‍රික් මට්ටමින් පැවැත් වු විභාගවලින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන්ට සහ ක්‍රිඩා ඉසව් වලින් ජයග්‍රහණය ලබාගත් සිසු සිසුවියන්ට මෙසේ පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කල බවයි එම විදුහලේ විදුහල්පති රාමනාදන් ශ්‍රිදර් මහතා කියා සිටියා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දමිල අංශය භාර මහාචාර්ය ඩි.සරවනකුමාර් මහතා සහ හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.ශ්‍රිදරන් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුුුණා.

මෙම උපහාර පිදිමේ උත්සවයට එම පාසලේ අධ්‍යාපනය ලබා මේ වන විට පෞද්ගලික ආයතනයක පරිපාලන කලමණාකාරවරයෙකු වශයෙන් සේවය කරන ගනේෂ මුර්ති මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයෙකු වශයෙන් සහභාගි වුුුණා.

WhatsApp Group

Skip to content