හැටන් නගරයේ නම භාවිතා කරමින් වාහන අලෙවි කිරිමට තිබෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ දැන්විම් පල කර තිබෙනවා.

වාහන පරික්ෂා කිරිමට ප්‍රථම අත්තිකාරම් මුදල් බැංකුගත කර ගනිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි හැටන් ප්‍රදේශයේ සමාජ මාධ්‍ය පරිශිලකයන් පවසන්නේ.

වෙලදපොලේ ඉහල වටිනාකමක් ඇති වාහන වල ඡායාරුප පල කර එම වාහන ඉතා අඩු මිලකට අලෙවි කරන බවට දැන්විම් පල කර තිබෙනවා.

අනතුරුව වාහන ගැණුම්කරුවන් එම වෙලද දැන්විමේ සදහන් දුරකථන අංකයට ඇමතුම් ලබා දි වාහනය පිලිබදව තොරතුරු විමසිමේදි වාහනය හැටන් නගරයේ නිවසක තිබෙන බව පවසා තිබෙනවා.

අදාල වාහනය පරික්ෂා කිරිමට ප්‍රථම ඒ සදහා යම් මුදලක් බැංකු ගිණුමට තැන්පත් කරන ලෙසට දැන්විම පල කල පුද්ගලයා විසින් පවසා ඇති බවයි  වාර්තා වන්නේ.

වාහනය තිබෙන ස්ථානය පිලිබදව දැන්විම පල කල පුද්ගලයාගෙන් ලබාගත් තොරතුරු මත හැටන් ප්‍රදේශයේ එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේදි එවැනි වාහනයක් එම ප්‍රදේශයේ නොමැති බව අනාවරණ කරගෙන තිබෙනවා.

හැටන් ප්‍රදේශයේ ගේ දොර ඉඩ කඩම් , වාහන ඇතුළු වෙනත් දේපල විකිණිමට ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පල කරන වෙලද දැන්විම් පිලිබදව තහවුරු කර ගැනිමකින් තොරව අත්තිකාරම් මුදල් බැංකු තැන්පත් කිරිම හෝ ඒ පිලිබදව සොයා බැලිමට පැමිණිමෙන් වැලකෙන ලෙස ආරක්ෂක අංශ නිලධාරින් සමාජ මාධ්‍ය පරිශිලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

WhatsApp Group

Skip to content