දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

ඒ අනුව පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

පස්කන්ද කඩා වැටුණු ස්ථානයෙන් තවත් පස්කඳු කඩාවැටීමේ අවදානමක් පවතින නිසා ප්‍රධාන මාර්ගයේ පස් ඉවත් කිරීම තරමක් ප්‍රමාද වන බවද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ කොළඹ සිට පැමිණෙන වාහන ලක්ෂපාන නෝටන්බි්‍රජ් මාර්ගයෙන් හැටන් වෙත පැමිණීමට හැකියාව පවතින බවයි.

මේ අතර මහනුවර සිට පැමිණෙන රථවාහනවලට නාවලපිටිය දිඹුලපතන තලවකැලේ මාර්ගය භාවිත කිරීමේ හැකියාව පවතින බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

 

WhatsApp Group

Skip to content