හැටන්ඔය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි.

සැකකරුවන් රත්නපුර සහ හැටන් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් මැණික් ගැරීමට යොදා ගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් අද හැටන් මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content