හාලිඇල, වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ නායයෑමේ අවදානමක් හටගෙන තිබෙනවා.

මේ පිලිබදව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය දැනුම් දී ඇත්තේ ඊයේ පස්වරුවේදීයි.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කලේ නායයෑමේ තත්ත්වය බරපතළ වියහැකි බවයි.

ඒ බැවින් මාර්ගයේ ගමන්ගන්නා රියදුරන් සහ පදිකයින් තම ආරක්ෂාව පිළිබඳ විමසිලිමත් විය යුතු බවද එම ඒකකය පැවසුවා.
එමෙන්ම මේ පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එල්. එම්. උදය කුමාර මහතා කියා සිටියේ .

WhatsApp Group

Skip to content