කළටුවාව ජල පවිත්‍රාගාරයට අයත් ප්‍රධාන නළයකට හානි වීමෙන් අඩාල වූ ජල සැපයුම හෙට අලුයම වන විට පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

කළටුවාව පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙන යන නළයකට හානි සිදුවූයේ හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඒ මතට වැටීම හේතුවෙන්.

ඒ අනුව රුක්මල්ගම, පන්නිපිටිය, හෝමාගම, මත්තේගොඩ සහ පැලැන්වත්ත මෙන්ම හයිලෙවල් මාර්ගයේ ප්‍රදේශ රැසක පවුල් ලක්ෂයකට පමණ ජල සැපයුම අඩාල වුණා.

WhatsApp Group

Skip to content