බංග්ලාදේශ පිතිකරු තව්හිද් හ්රිදෝයිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාව සමග සිල්හෙට් හී දී පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.
ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනි හැසිරීම් ප්‍රදර්ශනය කිරීම තුළින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.20 වගන්තිය උල්ලංඝනය කරමින් ඔහු පළමු මට්ටමේ වරදක් සිදු කර ඇති බවයි අයි.සී.සීය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන්ව ඇත්තේ.
ඒ අනුව ඔහුට තරග ගාස්තුවෙන් සියයට 15 ක දඩ මුදලක් නියම කර ඇති අතර, ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කර තිබෙනවා.
බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී ඔහු පළමු පන්දුවෙන්ම දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග කලහකාරී හා නුසුදුසු ලෙස හැසිරීම ඔහුට එල්ල වූ චෝදනාවයි.
සිය වරද හා තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් ලබා දුන් දඩුවම හ්රිදෝයි විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

WhatsApp Group

Skip to content