බෙල්ජියමේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබූ පාර්සලයක රුපියල් එක් කෝටි හැට හතර ලක්ෂ හැත්තෑ දහසක් වටිනා හෂීෂ් තොගයක් සොයා ගෙන තිබෙනවා.

ඒ ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේදී.

මෙම පාර්සලය හලාවතල වෙන්නප්පුව ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ අතර එහි බර කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 98 ක්.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ එම ලිපිනය ව්‍යාජ එකක් බව පරීක්ෂණවලදී හෙළි වූ බවයි.

හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට භාර දුන් බව ඔහු ප්‍රකාශ කළ.ා

WhatsApp Group

Skip to content