වී FM රේඩියෝව සංවිධාන කරන හරි පුදුම ඉස්කෝලේ – ලෝක ළමා දින සැමරුම 2023 හෙට දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.

දිවයිනේ විවිධ අධ්‍යාපන කලාප නියෝජනය කරමින් පාසල් දරු දැරියන් විශාල පිරිසක් මෙහිදී සිය දක්ෂතා ලොවට ප්‍රදර්ශනය කිරීමට සූදානමින් පසු වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංස්කෘතික මධ්‍යස්ථාන හා කලායතන මගින්ද මෙහිදී සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.

හෙට පෙ.ව. 8.00 ට සම්භාවනීය අමුත්තන් ගේ සහභාගිත්වයෙන් උත්සවය ආරම්භ වීමට නියමිතයි.

වී FM – හරි පුදුම ඉස්කෝලේ – ලෝක ළමා දින සැමරුම සජීව විකාශය සමග එක්වන්න වී FM රේඩියෝව සහ වී FM youtube නාලිකාව ඔස්සේ ඔබට අවස්ථාව හිමිවනවා.

වී පෙ රේඩියෝවේ ජනප්‍රිය අංගයක් වන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ අවසන් සම්මන්ත්‍රණය ද හෙට දින නොමිලේ විකාශය කෙරේ.

WhatsApp Group

Skip to content