හරිත මුල්‍ය කමිටුවක් පිහිටුවීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

දේශගුණික විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පිහිටුවන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

2023 වසර තුළ හරිත මුල්‍ය ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් ශක්තිමත් මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කිරීම මෙහි අරමුණයි.

මේ පිළිබද මුලීක සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ඒ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

WhatsApp Group

Skip to content