හානි අවම වගා ක්‍රමයක් වන හරිතාගාරවල එළවළු වගා කරන ගොවීන් සඳහා රජයෙන් ලක්ෂ  5 ක ආධාරයක් දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

වැඩසටහන එක් දිස්ත්‍රික්කයකින් ගොවීන් තිස් දෙනෙකු තෝරා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශයෙන් පවසන අතර හරිතාගාර වගා ක්‍රමය ඇරඹීමට රුපියල් ලක්ෂ 10ක් වැය වන අතර ඉතිරි ලක්ෂ පහක් ගොවියා විසින් දැරිය යුතු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

ලිටනල්   තුළ වගා කිරීමේ ව්‍යාපෘතිය නව කෘෂි තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීම තවත් එක් පියවරක් බව කෘෂී කර්ම අමාත්‍යාංශය පවසනවා.

එළවළු වගාවේදී වන වගා හානි අවම වීම ප්‍රමිතියෙන් යුත් එළවළු වෙළෙඳ පොළට සැපයීම හා වසර කිහිපයක්ම පොලිටනල්  යොදාගැනීම කළ හැකි බැවින් ගොවීන්ට හොඳ ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවා.

අතරමැදියන් නොමැතිව අස්වැන්න වෙළෙඳ පොළට ලබාදීම හා පාරිභෝගිකයාට සාධාරණ මිලකට අලෙවි කිරීමටත් මෙමගින් අවස්ථාව සැලසෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන අතර හරිතාගාරවල එළවළු වගාව ප්‍රචලිත කිරීමට ගොවීන් උනන්දු කරවීම සඳහා රජය රුපියල් මිලියන 500 ක් මෙම වසර තුළ දී වැය කිරීමට බලාපොරොත්තු වෙන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

WhatsApp Group

Skip to content