සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට එල්ල වු බව කියන තර්ජන සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට ලබා දුන් උපදෙස් මතයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් තමන් මුහුණු දී සිටින ගැටළු සම්බන්ධයෙන් දැනුම් දුන්නා.

විවිධ තර්ජන මධ්‍යයේ මුදල් කාරක සභාවේ සභාපතිධුරයේ කටයුතු කිරීමට සිදුව ඇති බවයි හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content