ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කවුර් හට සිය තරග ගාස්තුවෙන් සියයට 75 දඩයක් සහ දඬුවම් ලකුණු හතරක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ ඇය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවති අවසන් එක්දින තරගයේ දී පෙන්නුම් කළ ආවේගශීලී හැසිරීම් සහ විනිසුරුවන්ට එල්ල කළ වාග් ප්‍රහාර නිසාවෙනුයි.

එම වරද පිළිබඳ සිදු කළ විමර්ශනවලින් පසුව තරග තීරකවරයා එය දෙවැනි කාණ්ඩයේ වරදක් ලෙස ලැයිස්තු ගත කර තිබුණා.

WhatsApp Group

Skip to content