රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හරක් කටාට අයත් ජංගම දුරකථන දෙකක්, විදේශ ගමන් බලපත්‍රයක් හා කුඩු සලිඳුට අයත් විදේශ ගමන් බලපත්‍රයක් අස්ථානගත වී ඇතැයි වාර්තාවනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබියදී මේවා අස්තානගතවී ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව ඒවා සෙවීම සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව පසුගිය වසරේ මාර්තු 15 වැනි දා ඔවුන් දෙදෙනා මෙරටට රැගෙන එන අවස්ථාවේදී මෙම දුරකථන දෙක සහ ලියකියවිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු භාරයේ තිබී ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content