මැඩගස්කරයේ ඉවාටෝ ගුවන් තොටුපලේදී මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු ඇතු`ඵ 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් කුඩු සලිදු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ අත්අඩංගුවට පත් පිරිස අතර නදුන් චින්තකගේ බිරිද ද සිටින බවයි.

ඇය මැලගාසි ජාතික කාන්තාවක් බවට අනාවරණය වී තිබෙනවා.

ඔවුන් පසුගිය පෙබරවාරි 12 වන දා පෞද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරය වෙත පැමිණ තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය පළමු වනදා මැඩගස්කරයෙන් පිටව යාමේදී බව සදහන්.

WhatsApp Group

Skip to content