නීතිපතිවරයාට දැනුම් දීමකින් තොරව හරක් කටා නමැති සැකකරුව දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යාම හෝ ඉවත් කිරීම නොකරන ලෙස අභියාචනාධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුඵ වගඋත්තරකරුවන්ට නියම කර තිබෙනවා.

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන මෙම පුද්ගලයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමට නොතිසි නිකුත් කරමිනුයි අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ.

පෙත්සම් විභාගය අවසන් වනතෙක් මෙම අතුරු නියෝගය බලපැවැත්වෙන බවටයි තීන්දුවේ සදහන් වන්නේ.

තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන රැදවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අදාළ සැකකරු විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම සැප්තැම්බර් මස 25 වන දා යළි කැඳවීමට නියමිතයි.

WhatsApp Group

Skip to content