හයිටි රාජ්‍යයේ අගමැති ඒරියල් හෙන්රි ඉල්ලා අස්වීමට එකඟ වී ඇතැයි කැරබියන් රටවල් සමූහයේ සභාපතිවරයා පවසනවා.

රට තුළ ඉහළ යමින් පවතින ප්‍රචණ්ඩත්වය හමුවේ අගමැතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි සදහන් වන්නේ.

2021 වසරේ ජූලි මාසයේ එරට ජනාධිපතිවරයා ඝාතනයට ලක්වූ දිනයේ සිට ඒරියල් හෙන්රි විසින් හයිටි රාජ්‍ය කටයුතු මෙහෙයවා තිබුණා.

කෙසේ වෙතත් අගමැති ඒරියල් හෙන්රිට ඉල්ලා අස්වන ලෙස බලකරමින් හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝර්ට් ඔර් ප්‍රින්ස් හි දැඩි ප්‍රචණ්ඩකාරි ක්‍රියා හටගැණුනා.

WhatsApp Group

Skip to content