හයිටි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ ශ්‍රී ලාංකිකයින් සේවය කරන සමාගම් සමග නිරන්තරයෙන් සම්බන්ධ වී සිටින බවයි.

හයිටි රාජ්‍යයේ අවිගත් කල්ලි විසින් එරට අගනුවර ප්‍රචණ්ඩව හැසිරෙමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ අනුවයි විදේශ කටයුතු අමාත්‍යංශය මගින් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

අදාළ නිවේදනය මගින් විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ මේ වන විට එරට වෙසෙන ශ්‍රී ලාංකකින් ආරක්ෂිතව සිටින බවයි.

WhatsApp Group

Skip to content