හයිටි රාජ්‍යයේ පොර්ට් ඕ ප්‍රින්ස් අගනුවර තවමත් ප්‍රචණ්ඩකාරි සිදුවීම් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

අවිගත් සන්නද්ධ කණ්ඩායම් තවදුරටත් එම අගනුවර වීදිවල සැරිසරමින් සිටින අතර ඔවුනගේ ප්‍රහාරවලට ලක්ව මියගිය අයගේ සිරුරු වීදි පුරා දක්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

එමෙන්ම අගනුවර ඇතු`ඵ තදාසාන්න ප්‍රදේශවල මංකොල්ලා කෑම් රැසක් ද වාර්තා වන බව සදහන්.

මේ අනුව හයිටි රාජ්‍යයේ මහ බැංකුව ද කොල්ලකෑමට ලක්ව ඇති අතර එම සිද්ධියේදී පුද්ගලියන් තිදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර හයිටි රාජ්‍යයේ ක්‍රියාත්මක සහන සේවා ආයතනවලට අයත් සහනාධාර කොල්ලකෑමට ද අයුධ සන්නද්ධ කණ්ඩායම් කටයුතු කර තිබෙනවා.

මෙම තත්ත්වයත් සමග හයිටි වැසියන්ට දරුණු සාගතයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි යුනිසෙෆ් ඇතු`ඵ ජාත්‍යන්තර සංවිධාන අවධාරණය කරන්නේ.

WhatsApp Group

Skip to content