තම රටේහි රැදී සිටින ඉන්දීය හමුදා ලබන මාර්තු 15 වනදා වන විට ඉවත් කර ගන්නා ලෙස මාලදිවයින් රජය විසින් ඉන්දියාවට දැනුම් දී තිබෙනවා.

ඒ මාලේ අගනුවර පැවති දෙරටේ නිලධාරී මට්ටමේ සාකච්ජාවකදීයි.

මේ වන විට මාලදිවයින සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක්ද හට ගෙන තිබෙනවා.

මාලදිවයිනේ අමාත්‍යවරුන් පිරිසක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ත්‍රස්තවාදියෙකු ලෙස හදුන්වමින් සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ මතභේදයක් මෙලෙස හට ගත්තා.

ඉන්දීය හමුදා සාමාජිකයින් 80 දෙනෙකු මේ වන විට මාලදිවයිනේ රැදී සිටිනවා.

ඒ ඉන්දීය රජය විසින් මීට වසර ගණනාවකට පෙර මාලදිවයිනට පරිත්‍යාග කළ හෙලිකොප්ටර් යානා 02 ක සහා ඩ්‍රෝණ යානයක නඩත්තු හා මෙහෙයුම් කටයුතු සිදු කිරීම සදහායි.

WhatsApp Group

Skip to content