රෆා හි පලස්තීනුවන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළ ගුවන් ප්‍රහාරයක් ජාත්‍යන්තර හෙළා දැකීම මධ්‍යයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානයට එරෙහිව අඛණ්ඩ යුද්ධයක් පවත්වාගෙන යාමට ප්‍රතිඥා දී තිබෙනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් බොහෝ පිරිසක් මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 1000 කට වැඩි ප්‍රමාණයක් දරුණු ලෙස පිලිස්සුම් තුවාලවලට ලක්වී ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ හමාස් සංවිධානය විනාශ කරන තෙක් යුද්ධය අවසන් නොකරනු ඇති බවයි.

WhatsApp Group

Skip to content