ඊශ්‍රායල අගමැති ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ සෙනසුරාදා දිනයේදී එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය විනාශ කර දැමීම අභිප්‍රාය බවයි.

එසේම ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොඅව් ගලාන්ට් කියා සිටයේ හමාස් සංවිධානය පෘථිවියෙන් අතුගා දැමීමට කටයුතු කරන බවයි.

ගොඩබිමින්, මුහුදෙන් සහ ගුවනින් යන බහුවිධ ආකාරයෙන් ඊශ්‍රායලයට පහසුගිය සෙනසුරාදා හමාස් සංවිධානය ප්‍රහාරයක් එල්ල කළා.

හමාස් සංවිධානය මෙම ප්‍රහාරය නම් කර තිබෙන්නේ අල් අක්ෂා ප්‍රහාරය යනුවෙනි.

මේ අතර හමාස් සංවිධානය එල්ල කරන ලද ප්‍රහාරයට ඊශ්‍රායල පොලිසිය ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වූ බවට ඊශ්‍රායල මාධ්‍ය විසින් නගන චෝදනාව ඊශ්‍රායල පොලිසිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පොලිස් ප්‍රකාශක ඩීන් එල්ස්ඩුන් ඊශ්‍රායලයේ දකුණු දිග නගරයක් වන ස්ඩෙරොට්හිදී මාධ්‍ය අමතමින් කියා සිටියේ ආක්‍රමණය සිදු වූ මොහොතේ සිටම ඊශ්‍රායල පොලිසිය සහ දේශ සීමා පොලිසිය යුහුසුළුව කටයුතු කළ බවයි.

WhatsApp Group

Skip to content