දින හතරක සටන් විරාමයේ නවතම අදියර ලෙස හමාස් සංවිධානය ඊශ්‍රායල ජාතිකයන් 13 දෙනෙකු සහ තයි ජාතිකයන් සිව් දෙනෙකු ලෙස ප්‍රාන ඇපකරුවන් 17 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

එලෙස ප්‍රණ ඇපකරුවන් නිදහස් කිරීමෙන් පසු ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙලෙස හමාස් සංවිධානය විස්න නිදහස් කළ ඊශ්‍රායල ජාතිකයන් 13 දෙනා අතර කාන්තාවන් සිව්දෙනෙකු සහ ළමුන් 07 දෙනෙකු මෙන්ම නව යොවුන් වියේ පසුවන්නන් දෙදෙනෙකුද සිටින බවට වාර්තා වනවා.

මේ අතර ඊශ්‍රායලයේ බන්ධනාගාර දෙකක නිදහස් කළ පලස්තීන සිරකරුවන් අතර කාන්තාවන් 06 දෙනෙකු සහ බාලවයස්කාර ළමුන් 33 දෙනෙකු සිටන බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content