ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක මොහොමඩ් ඩීෆ්ගේ සොහොයුරා ජීවිතක්ෂයට පත්ව ඇති බව හමාස් සංවිධානයට අනුබද්ධ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වාර්තාවල දැක්වෙන්නේ දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ හමුදාපතිවරයාගේ සහෝදරයා වන අබ්දුල් ඩීෆ් මියගොස් ඇති බවයි.

එසේම ඔහුගේ තවත් ඥාතීන්ද පිරිසක්ද මියගොස් ඇති බවටයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ඔහු ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදාව අවස්ථා ගණනාවක් උත්සාහ කර ඇතත් ඒවායෙන් බේරි තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් ඔහු මියගොස් ඇති බවයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර ඔහු හමාස් හමුදාවේ අල් අක්සා බලකායේ අණදෙන නිලධාරියා බවද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content