පසුගිය සතියේ ටෙහෙරානයේ දී ඝාතනයට ලක් වූ හමාස් සංවිධානයේ ප්‍රධානී ඉස්මයිල් හනියේගේ අනුප්‍රාප්තිකයා ලෙස එම සංවිධානය විසින් සිය ගාසා තීරයේ නායකයාවන යාහියා සින්වාර් නම් කර තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 07 වැනිදා එල්ල කළ ඊශ්‍රායලයට එරෙහි හමාස් ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින “මහ මොළකරු“ බවටයි ඊශ්‍රායලය ඔහුට චෝදනා කර ඇත්තේ.

එමෙන්ම එක්සත් ජනපදය ”ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගේ” අසාදු ලේඛනයට ද ඔහුව ඇතුළත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content