සෙනසුරාදා රාත්‍රීයේදී ගාසා තීරයේ හමාස් මූලස්ථානය ඇතුළුව හමුදාවන් රැස්ව සිටි ස්ථාන, ප්‍රහාර එල්ල කිරීමට සූදානම් සිටි ස්ථාන, ටැංකි නාශක මුරපොලවල් සහ නිරීක්ෂණ ස්ථාන ඇතුළුව සියයකට අධික මිලිටරි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක  හමුදාව පවසනවා.

සෙයිටූන් සහ ඛාන් යුනිස් යන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කළ බවයත් පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ හමුදා මූලස්ථානයද විනාශ කළ බවයි ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව පවසන්නේ.

මේ අතර පසුගිය සති අන්තයේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට මුල් වූ ඛාන් යුනිස් හි හමාස් සංවිධානයේ නුක්බා හමුදා අණදෙන නිලධාරි බිලාල් අල් කෙද්‍රා ඊයේ රාත්‍රියේ මරා දැමූ බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසනවා.

ගාසා තීරයේ හමාස් මාධ්‍ය කාර්යලය පවසන්නේ උතුරු ගාසා නගරයේ සහ දකුණේ රෆා ඇතුළු ප්‍රදේශ රැසකට ඊශ්‍රායල හමුදාව ඊයේ සෙනසුරාදා රාත්‍රීයේ සහ ඉරිදා උදෑසන ප්‍රහාර එල්ල කළ බවයි.

එසේම ඊශ්‍රායල යුද ටැංකි ගාසා තීරයේ නැගෙනහිර ප්‍රදේශවලටය ෂෙල් ප්‍රහාර එල්ල කරන බවද එම නිවේදනයේ සඳහන්.

WhatsApp Group

Skip to content