හබරාදූව – හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින්.

ඊයේ රාත්‍රීයේ තානායමක් ඉදිරිපිට දී පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

වෙඩි වැදිමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු ත්‍රීරෝද රථයකට නැගීමට උත්සාහ කිරිමේදි වෙඩික්කරුවන් ත්‍රීරෝද රථයටද වෙඩිප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. එහිදී ත්‍රිරෝදරථයේ රියදුරුට ද වෙඩි වැදී ඇති බවයි පොලිසිය සදහන් කලේ .

WhatsApp Group

Skip to content