තොරතුරු දැනගැනීමේ පනත යටතේ හදිසි ඖෂධ මිලදී ගැනීම පිළිබදව තොරතුරු ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කළේ හදිසි මිලිදී ගැනීම් කොපමණ ප්‍රමාණයක් සිදු කර තිබෙනවාද, ඒවාට වැය කර ඇති මුදල කොපමණද යන්න දැනගැනීමට එම ලිපියෙන් අපේක්ෂා කරන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් හදිසි මිලදී ගැනීම්වලින් ඉවත්ව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් පවසනවා.

මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින වෘත්තිය සමිති කිහිපයකට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඕල්කට් මාවත, යොර්ක ශාන්ත පාර, බැංකු ශාන්ත පාර, ලෝටස් පාර, චැතම් වීදිය යන මාර්ගවලට ඇතුළු වීම වළක්වාලමින් සහ අද දිනය තුළදී සිදු කරන විරෝධතාවලින් පොදු දේපළවලට හානි කිරීම වැළැක්වීම යන කරුණු මූලික කර ගනිමින්.

 

WhatsApp Group

Skip to content