අමෙරිකාවේ එළැඹෙන ජනාධිපතිවරණයේදී බයිඩ්න්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහය එරට දේශපාලන ඉතිහාසයේ 7 වැනි ඝාතන උත්සාහය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර වසර 1981දී එවකට හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් වොෂින්ටන් නුවර හෝටලයක් ඉදිරිපිටදී වෙඩි ප්‍රහාරයකින් දිවි බේරාගත් අතර, අනතුරුව ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් බුෂ්, බැරක් ඔබාමා සහ ජෝ බයිඩ්න් එවැනි ඝාතන උත්සාහයන් කිහිපයකින් ජීවිත බේරාගෙන තිබේ.

එහෙත් අමෙරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඒබ්‍රහම් ලින්කන් මෙන්ම ජේම්ස් ඒ. ගාෆීල්ඩ්, විලියම් මැකින්ලි සහ ජෝන් එෆ්.කෙනඩි ඝාතනයට ලක්විය.

 

WhatsApp Group

Skip to content