සෞදි අරාබියේ හජ් වන්දනාව අතරතුර දැඩි උණුසුම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ ජෝර්දාන වැසියන් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම වන්දනාවට සහභාගී වූ තවත් පුද්ගලයන් 17 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
පසුගිය වසරේ හජ් වන්දනාවට සහභාගී වූ පුද්ගලයන් 240 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබුණා.
මේ අතර හජ් වන්දනාවට සහභාගී වූ පුද්ගලයන් වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත් වූ වසර 2015 වන අතර, එහිදී පුද්ගලයන් 2,000ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content