හජ් උත්සවය සැමරීම පිළිබද කොළඹ මහ පල්ලිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, නව සඳ දර්ශනය වී ඇති බැවින් මෙරට මුස්ලිම් ප්‍රජාව ජුනි 17 වනදා හජ් උත්සවය සමරන බවයි.

මේ අතර ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් භක්තිකයින් සදහා වාර්ෂික හජ් වන්දනාවට නොමිලේ සහභාගී වීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සෞදි රජයෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි මෙම අවස්ථාව හිමිව ඇත්තේ.

WhatsApp Group

Skip to content