මේ වසරේ හජ් උත්සවය අදට යෙදී තිබෙනවා.

අති දුෂ්කර කාල පරිච්ජේදයක නැවුම් අපෙක්ෂා සහිත අනාගතයක් උදෙසා ප්‍රයත්නයක යෙදෙන මොහොතක හජ් උත්සවය එළඹීම කවරදාටත් වඩා සුවිශේෂි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

දුකෙහි ගැලී සිටින ජනයා එම දුෂ්කරතාවයෙන් මුදා ගැනීමට අපේක්ෂාවකින් තොරව ඉදිරිපත් වීම සහ ඊට විසදුම් සෙවීමේ මානුෂිය මෙහෙවරක නිරතවීමේ අගය , තෘප්තිය හජ් උත්සවයෙන් පිළිඹිගු වන බව ද ජනාධිපතිවරයා සදහන් කළා.

මේ අතර මනුෂ්‍යත්වය හා දේවත්වය අතර පවත්නා උත්කෘෂ්ට බැඳීම විචිත්‍ර ආකාරයෙන් පිළිබිඹු කෙරෙන උත්සවයක් ලෙස මේ හජ් උත්සවය සැලකිය හැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය සහ පරෝපකාර සිතුවිලි ඇතිකිරීම හජ් උත්සවයේ ප්‍රමුඛ අරමුණ වන බවයි නිවේදනයක් කිකුත් කරමින් විපක්ෂනායකවරයා සදහන් කළේ.

ඉස්ලාම් ධර්මයේ පංච මහා වගකීම් අතරින් පස්වැන්න හජ් ඉටු කිරීම වන අතර, ජීවිතයේ එක් වරක් හෝ මක්කම වැඳ පුදා ගැනීම ඉස්ලාම් බැතිමතුන්ගේ අධිෂ්ඨානය වන බැවින් එකී අධිෂ්ඨානය ඉටු වේවායි ප්‍රාර්ථනා කරන බවද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content