හඟුරන්කෙත ලූල්කඳුර ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ බස් රථයක් පාලමකින් පෙරළී සිදු වූ අනතුරකින් පුද්ගයන් තිදෙනෙකු තුවා ලබා තිබෙනවා.

ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් ප්‍රවාහන කරන පෞද්ගලික බස් රථයක් හඟුරන්කෙත සිට දෙල්තොට දක්වා ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල කාන්තාවන් දෙදෙනෙකු සහ රියදුරු දෙල්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කාන්තාවන් දෙදෙනා මහනුවර රෝහලට මාරුකර යවා තිබෙනවා.

WhatsApp Group

Skip to content