දින කිහිපයක් රෝගාතුරව ගලෙන්බිදුණු වැව, කිවුලේකඩ වැව් ඉස්මත්තේ වැටී සිටි වන අලියා මිය ගොස් තිබෙනවා.

පණ්ඩුලගම පශු වෛද්‍යවරිය ප්‍රකාශ කළේ හක්කපටස් නමැති පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් මුඛය තුවාල වී දින කිහිපයක් නිරාහාරව සිටීම හේතුවෙන් එම අලියා මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇති අවුරුදු 15ත් 20ත් අතර වයසේ පසු වූ වන අලියා කිවුලේකඩ ඇතුළු ගම්මාන රැසක වගාවන්ට හානි සිදු කිරීම හේතුවෙන් හක්කපටස් ආහාරයට ලබා දී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ, වගාවන්ට කුමන හානි සිදු කළ ද වන අලියෙකු ඝාතනය කිරීම අනුමත කල නොහැකි බවයි.

WhatsApp Group

Skip to content