සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත් කිරීම සිදු කර තිබෙන්නේ.

ඒ අනුව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ මෙම පත්වීම වසර 5ක කාලයක් සදහා වලංගු වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වීමත් සමග එම තනතුර පුරප්පාඩුව පැවතියා.

WhatsApp Group

Skip to content