සෞදි අරාබියේ අසීර් පලාතේ සිදු වූ බස් රථ අනතුකින් හජ් වන්දනාවට සහභාගී වූ පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම අනතුරෙන් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා සදහන් කර ඇත්තේ.

අදාළ බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී රේල් පීල්ලක වැදී පෙරලී ගොස් ගිණි ගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

2019 වසරේදීද මෙවැනි අනතුරක් සිදුව ඇති අතර, එහිදි විදේශිකයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලැබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වෙනවා.

WhatsApp Group

Skip to content