සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධව අද පෙරවරු 08 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

රජය විසින් වෛද්‍යවරුන්ට ලබා දීමට තීරණය කර ඇති රුපියල් තිස් පන්දහසේ දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී සෞඛ්‍ය සේවා වෘත්තීය සන්ධානයේ කැඳවුම්කරු.රවී කුමුදේශ් මහතා පැවසුවේ ඇතැම් රෝහල් වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොකරන බවයි.

https://www.vnews.lk/storage/2024/01/RAVI-KUMUDESH-EDIT-.mp3?_=1

මේ අතර අදාල ගැටලුවට විසදුම් ලබා ගැනීම සදහා තමන් ගෙන් සාකච්චාවක් ඉල්ලා නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

මේ පිලිබදව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා කියා සිටියේ වැඩබලන මුදල් අමාත්‍යවරයාගේ අදාළ ප්‍රකාශය පිළිගත නොහැකි බවයි.

https://www.vnews.lk/storage/2024/01/WISHESHA-EDIT-.mp3?_=2

කෙසේ නමුත් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ඉතා අසාධාරණ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මේ ඒ පිළිබද අදහස් පල කල එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා.

https://www.vnews.lk/storage/2024/01/HARITHA-ALUTHGE-EDIT.mp3?_=3

මේ අතර අද දිනයේ පැවැත්වෙන මෙම වර්ජන ක්‍රියා මාර්ගය පිලිබදව සාකච්චා කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති අතර විශේෂ සාකච්චාවක් පැවැත්වීමටද නියමිත වනවා.

මෙම සාකච්චාව අද පෙරවරු 11 ට පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content