මුදල් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයන් අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ මහතා සදහන් කලේ සෞඛ්‍ය වෘත්තීය සමිතිවල යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණෙන තුරු කල් ඉල්ලා සිටි බවයි.

කෙසේවෙතත් සෞඛ්‍ය වෘත්තිය සමිති සංධානයේ යෝජනාව මුදල් අමාත්‍යවරයා පිළිගත් බව ද රවී කුමුදේශ් මහතා සදහන් කළා.

දැනට ක්‍රියාත්මක වර්ජනය අද පෙරවරු 6.30 ට තාවකාලිකව අත්හිටුවුවද, දින 14 කින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා අනුමැතිය ලබාගැනීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ මහ සමුළුවක් හෙට කැඳවන බවත් රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ඊයේ පැවැත්වු සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් අද පෙරවරු 7 සිට හෙට උදෑසන 7 දක්වා තමන් ද දීපව්‍යාප්ත වර්ජනයක් සිදුකරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා.

 

WhatsApp Group

Skip to content